2016 වර්ෂයේ ජනවාරි මස 01 වන දිනට පසුව රාජ්‍ය සේවයට බඳවා ගනු ලැබූ සියලුම නිලධාරීන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීමට රජය පියවර ගෙන තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙතෙක් ඔවුන්ට පැවති බාධාවන් ඉවත් කරමින් පත්වීම් ලිපිවල අදාළ වගන්තිය සංශෝධනය කිරීමට කටයුතු කර ඇති බවයි.
මෙම තීරණයට අදාළ විශේෂ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් නිකුත් කර ඇත. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත මෙම උපදෙස් මාලාව යොමු කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව 2016 ජනවාරි 01 හෝ ඉන් පසුව රාජ්‍ය සේවයට එක් වූ නිලධාරීන්ගේ පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සඳහන්ව තිබූ පැරණි වගන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය වනු ඇත. මෙමඟින් එම නිලධාරීන් හට නීත්‍යානුකූලව විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ.
මීට අමතරව, ඉදිරියේදී රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගනු ලබන සියලුම නිලධාරීන්ගේ පත්වීම් ලිපි සඳහා ද මෙම නව සංශෝධිත වගන්තිය ඇතුළත් කළ යුතු බව අමාත්‍යාංශය අවධාරණය කරයි. මෙම තීරණය රාජ්‍ය සේවකයින් දසදහස් ගණනකගේ වෘත්තීය සුරක්ෂිතතාවය තහවුරු කරන්නක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Post a Comment