2026 වසර සඳහා මධ්‍යසාර විකිණීම තහනම් කරනු ලබන දින 19ක ලැයිස්තුවක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග මත නිකුත් කර ඇති මෙම ලැයිස්තුවට රජයේ විශේෂ නිවාඩු දින සහ පුර පසළොස්වක පොහොය දින ඇතුළත් වන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.ඒ. රොෂාන් පෙරේරා මහතා සඳහන් කරයි.
එම නිවේදනයට අනුව වසරේ පුර පසළොස්වක පොහොය දින 12ක්, නිදහස් දිනය, සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩු දින, ලෝක අමද්‍යප දිනය සහ නත්තල් දිනය මෙම තහනම ක්‍රියාත්මක වන දින අතර වේ.
එම නිවේදනයට අනුව වසරේ පුර පසළොස්වක පොහොය දින 12ක්, නිදහස් දිනය, සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩු දින, ලෝක අමද්‍යප දිනය සහ නත්තල් දිනය මෙම තහනම ක්‍රියාත්මක වන දින අතර වේ.
2026 මධ්‍යසාර විකිණීම තහනම් දින ලැයිස්තුව:
ජනවාරි 03: දුරුතු පුර පසළොස්වක පොහොය
පෙබරවාරි 01: නවම් පුර පසළොස්වක පොහොය
පෙබරවාරි 04: නිදහස් දිනය
මාර්තු 02: මැදින් පුර පසළොස්වක පොහොය
අප්‍රේල් 01: බක් පුර පසළොස්වක පොහොය
අප්‍රේල් 13 සහ 14: සිංහල සහ දෙමළ අලුත් අවුරුදු දින
මැයි 01 සහ 02: වෙසක් පුර පසළොස්වක පොහොය සහ පසු දින
මැයි 30 සහ ජූනි 29: පොසොන් පුර පසළොස්වක පොහොය (අදාළ දින)
ජූලි 29: ඇසල පුර පසළොස්වක පොහොය
අගෝස්තු 27: නිකිණි පුර පසළොස්වක පොහොය
සැප්තැම්බර් 26: බිනර පුර පසළොස්වක පොහොය
ඔක්තෝබර් 03: ලෝක අමද්‍යප දිනය
ඔක්තෝබර් 25: වප් පුර පසළොස්වක පොහොය
නොවැම්බර් 24: ඉල් පුර පසළොස්වක පොහොය
දෙසැම්බර් 23: උඳුවප් පුර පසළොස්වක පොහොය
දෙසැම්බර් 25: නත්තල් දිනය
කෙසේ වෙතත්, සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩු දින දෙක සහ නත්තල් දිනය සඳහා යම් ලිහිල් කිරීමක් සිදු කර ඇත. ඒ අනුව සංචාරක මණ්ඩලයේ අනුමත තරු තුනේ හෝ ඊට ඉහළ ශ්‍රේණිගත කිරීම් සහිත හෝටල්, බුටික් හෝටල් සහ විලා (FL 07 බලපත්‍රලාභී) පරිශ්‍රවල නේවාසිකව සිටින විදේශීය අමුත්තන් සඳහා පමණක් මධ්‍යසාර අලෙවි කිරීමට අවසර හිමි වේ.
මෙම රෙගුලාසි උල්ලංඝනය කරන බලපත්‍රලාභී ආයතන සහ පුද්ගලයින්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Post a Comment