උදේට ඉස්කෝලේ යන්න හදිස්සි වෙලාවට පොඩි එකාගේ බත් පෙට්ටියට ලේසියෙන්ම හදලා දෙන්න පුළුවන් දේ මොකක්ද? සොසේජස් දෙකක් බැද්දා, බත් එකට තිබ්බා. 🌭 එහෙම නැත්තම් රෑට කඩෙන් ගෙනාපු සොසේජස්/ මීට් බෝල්ස් දාපු ෆ්‍රයිඩ් රයිස් එකක් දුන්නා. දරුවත් හරි ආසාවෙන් මේවා කනවා. "අම්මේ මට අරකම ඕන" කියලා අඬනකොට අපිටත් බැහැ කියන්න අමාරුයි. 🥺
ඒත් අම්මේ, තාත්තේ... ඔයා මේ පොඩි බඩට යවන්නේ මොනවද කියලා ඇත්තටම දන්නවාද?
මේවා හුරතලේට "Processed Meat" කියලා හැඳින්වුවට ඇත්ත කතාව ඊට වඩා භයානකයි. 💔
1. මේක ඇත්තම "මස්" ද? 🥩❌
අපි කඩෙන් මස් ගේනකොට හොඳ මස් කෑලි බලලා ගේනවානේ. ඒත් සොසේජස්, මීට් බෝල්ස් හදද්දී ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ "Mechanically Separated Meat" කියන ක්‍රමය. ඒ කියන්නේ සත්තුන්ගේ ඉතුරු වෙන කෑලි, හම, කටු, නහර වගේ දේවල් අධික පීඩනයක් දීලා අඹරලා ගන්න පේස්ට් එකක්. මේක නිකන්ම නිකන් රෝස පාට තලපයක් විතරයි! 🤢
2. ඇයි මේක පිළිකා කාරකයක් වෙන්නේ? ⚠️
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මගින් සොසේජස්, හැම්, බේකන් වගේ සකසන ලද මස් වර්ග "කාණ්ඩ 1 පිළිකා කාරක" (Group 1 Carcinogen) ලෙස නම් කරලා තියෙනවා. 🚨 ඒ කියන්නේ මේවා දුම්වැටි සහ මත්පැන් වගේම භයානකයි කියන එක. මේවායේ අඩංගු "නයිට්රේට්" (Nitrates) බඩට ගියාම පිළිකා සෛල හැදෙන්න ලොකු රුකුලක් දෙනවා.
3. ලුණු ගොඩක් - වකුගඩු ඉවරයි 🧂📉
පොඩි සොසේජස් කරලක තියෙන ලුණු ප්‍රමාණය දරුවෙක්ට දවසකට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි වෙන්න පුළුවන්. මෙය නොදැනුවත්වම අනාගතයේදී අධි රුධිර පීඩනය සහ වකුගඩු රෝග වලට අඩිතාලම දමනවා. 🩺
4. කෘතීම රසයට ඇබ්බැහි වීම 😋 පින්න
සොසේජස් වලට දාන MSG සහ රසකාරක නිසා දරුවාගේ දිව ඒ කෘතීම රසයට හුරු වෙනවා. ඊට පස්සේ අම්මා ගෙදර උයන ගුණදායක පරිප්පු එකයි, හාල්මැස්සෝ බැදුමයි දරුවට "රස නෑ" කියලා එපා වෙනවා. 🥗❌
💡 දරුවා වෙනුවෙන් අපිට කළ හැකි ආදේශක:
*බිත්තරයක් තම්බලා දෙන්න. 🥚
*ගෙදරම හදපු මස්/මාළු කැබැල්ලක් බැදලා දෙන්න. 🐟
*කඩල, මුං ඇට වගේ ස්වභාවික දෙයක් පුරුදු කරන්න. 🌱
ඔයාගේ දරුවාගේ සෞඛ්‍යය තියෙන්නේ ව්‍යාපාරිකයින්ගේ අතේ නෙවෙයි, අම්මා තාත්තා විදියට ඔයාලගේ අතේ. ❤️
Source: weda mahatha FB page

Post a Comment