ඔබේ වොෂින් මැෂින් එකේ රෙදි හේදුවාට පස්සේ ඒවායින් "පුස් ගඳක්" එනවාද? එහෙම නැත්නම් අලුතින් ගත්ත මැෂින් එක අවුරුදු 2ක් යන්නත් කලින් ලෙඩ දෙන්න ගත්තාද? මේ හැමදේකටම හේතුව අපි හැමෝම වොෂින් මැෂින් එක පාවිච්චි කරද්දී කරන එක්තරා ලොකු වැරැද්දක්.
ඒ වැරැද්ද තමයි: රෙදි හෝදල ඉවර වුණු විගස මැෂින් එකේ පියන/දොර සම්පූර්ණයෙන්ම වහල දාන එක..
😱 ඇයි ඒක වැරැද්දක් වෙන්නේ?
අපි රෙදි හේදුවාට පස්සේ මැෂින් එක ඇතුළේ සහ රබර් බීඩිං (Rubber Seal) අස්සේ විශාල තෙතමනයක් රැදිල තියෙනවා. අපි දොර වහල දැම්මම ඒ තෙතමනය ඇතුළේම හිර වෙනවා.
කළු දිලීර (Black Mold) වර්ධනය වීම: තෙතමනය සහ අඳුර කියන්නේ දිලීරවලට පාරාදීසයක්. මේක නිසා රබර් එක අස්සේ කළු පාටට දිලීර බැඳෙනවා.
බැක්ටීරියා සහ ගඳ: මැෂින් එක ඇතුළේ ඉතිරි වන සබන් කුණු (Soap scum - සබන්, වතුරෙන් සේදී නොගොස් තද වී ඉතිරි වන සුදු හෝ අළු පැහැති, ඇලෙන සුළු තට්ටුව) සහ තෙතමනය නිසා බැක්ටීරියා වර්ධනය වී "මඩ ගඳක්" ඇති වෙනවා. ඔබ ඊළඟ වතාවේ රෙදි හෝදනකොට මේ බැක්ටීරියා ඔබේ පිරිසිදු රෙදිවලත් තැවරෙනවා.
මැෂින් එක මලකඩ කෑම: දිගුකාලීනව පවතින තෙතමනය නිසා මැෂින් එකේ ඇතුළත කොටස් මලකඩ කෑමට (Corrosion) ලක් වෙන්න පුළුවන්.
✅ මේකට කරන්න පුළුවන් විසදුම් මොනවද?
පියන විවෘතව තියන්න: රෙදි හෝදල ඉවර වෙලා අඩුම ගානේ පැය 2ක්වත් මැෂින් එකේ දොර මදක් විවෘත කරලා තියන්න.. (Air dry).
රබර් එක පිසදමන්න: රෙදි හෝදල ඉවර වුණාට පස්සේ වියළි රෙදි කෑල්ලකින් දොර වටේ තියෙන රබර් එකේ රැදිලා තියෙන ජලය පිහදලා ඉවත් කරන්න.
සබන් තට්ටුව (Drawer): සබන් කුඩු සහ Comfort දාන කුඩා ලාච්චුවත් (Dispenser drawer) ටිකක් එළියට ඇරල තියන්න. එහි රැදිල තියෙන ජලයෙනුත් පුස් බැඳෙන්න පුළුවන්.
💡අපි කරන තවත් තවත් පොදු වැරදි කිහිපයක්:
අධික ලෙස සබන් කුඩු භාවිතා කිරීම: වැඩිපුර සබන් දැම්මම මැෂින් එකට ඒවා ඉවත් කරන්න අපහසු වෙනවා වගේම, ඒ සබන් තට්ටු මැෂින් එකේ ඩ්රම් එක ඇතුළේ බැඳීල මැෂින් එක ලෙඩ කරනවා.
මැෂින් එක පිරෙන තුරු රෙදි දැමීම: මැෂින් එකේ ධාරිතාවට වඩා රෙදි දැම්මොත් මෝටරයට අධික පීඩනයක් එල්ල වීම නිසා රෙදි හරිහැටි පිරිසිදු වෙන්නෙත් නැහැ...

Post a Comment