පොල් තෙල් වල ගුණ අපි හැමෝම දන්නවා.එත් ඔබ දැන් සිටියාද පොල් තෙල් වලින් අපිට මුඛ සෞඛ්‍ය වර්ධනය කරගන්න පුළුවන් බව? මේ ලිපියෙන් අපි බලමු කොහොමද පොල් තෙල් භාවිතා කරලා මුඛ සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා.
මේ ක්‍රමයෙන් ඔයාලට මුඛ සෞඛ්‍ය වැඩි කර ගන්න වගේම දත් වල කුහර, දිරායෑම් පාලනය කර ගන්නත් පුළුවන්.
ලස්සන සුදු දත් පෙලක්, දුර්ගඳ නැති මුඛයක්, කුහර නැති දත් පෙලක් කොච්චර නම් වටිනවද?
ඒත් බොහෝ දෙනාගේ දවසට කොපමණ වරක් දත් මැද්දත් දත් වල නියම සුදක් නෑ, කටින් දුර්ගන්ධයක් එනවා. සමහර අයට ලද බොහෝ ම අඩු වයසින් දත් ගල්වන්න, පුරවන්න සිදුවෙනවා.
මේකෙන් අපිට පේනවා දත් මැදීමේන් පමනක් අපිට මුඛ සෞඛ්‍ය පවත්වා ගෙන යෑමට අපහසූ බව. ඒ නිසයි අපි අද ඔයාලට ස්වභාවිකව මුඛ සෞඛ්,ය දන්ත සෞඛ්‍ය වැඩි දියුණු කරන්න ක්‍රමයක් කියලා දෙන්න හදන්නේ.
ඒ තමයි… Oil Pulling.
මේකට ඕනෙ කරන්නෙ එකම එක දෙයයි. අපිට කුස්සියෙන් ලේසියෙන්ම සොයා ගන්න පුළුවන් – පොල් තෙල්.
Oil Pulling වල ඇති වාසි
දත් වල කහට නැති වී සුදු පැහැය වැඩි වීම
දත් දිරායැම වැලැක්වීම
මුඛයේ දුර්ගන්දය අඩු කිරීම
විදුලුමස් රෝග වැලෙක්විම
දත් අ විදුලුමස් ශක්තිමත් කිරීම
මුඛ සෞඛ්‍ය වැඩිදියුණු කිරීම
මොකද්ද මේ oil pulling?
මෙම ක්‍රමය අවුරුදු 3000 පමන ඉතිහාසයක් එක්ක ඉන්දියාවේ ආයුර්වේදයට සම්බන්ධව පැවත එන ක්‍රමයක්. මෙහිදී තෙල් භාවිතයෙන් කට සෝදා හැරීමක් තමයි කරන්නෙ.
කොහොමද මෙහෙම වෙන්නේ?
මෙහිදී මුඛයේ ඇති විෂ පොල්තෙල් වල දියවෙනවා. ඒ වගේමයි පොල්තෙල් වල ඇති ගුණාංග මුඛයේ ඇති Bacteria විනාශ කර දත් කැක්කුම අඩු කරන්න, දත් දිරන එක වලක්වන්න, දිරා ඇති දත් තව දුරටත් දිරායෑම වැලක්වීමට හා බොහෝ විදුලුමස් ආශ්රිත රෝග වැලක්වීමට හා නිවාරණයට දායක වෙනවා.
දිගුකාලීනව Oil Pulling කිරීමෙන්, පිරවීමට නියමිතව තිබු කුහර පිරවිමකින් තොරවෙමකින් සුව කර ගෙනිමට සමත් වෙලා ඇති බොහෝ අය පිළිබඳවත් වාර්තා වෙලා තියෙනවා.
කොහොමද Oil Pulling කරන්නේ?
Step 1- පිරිසිදු පොල් තෙල් තේ හැඳි 1-2 කටට දමා විනාඩි 10-20 පමන කට තුල එහා මෙහා කරමින් හොඳින් කවර ගන්න.
Step 2 – කාලය අවසානයේ තෙල් ටික කෙළගසා පිරිසිදු රස්නෙ ලුණු හෝ වතුරෙන් කට සෝදන්න.
වැදගත් කරුණු –
මෙය උදැසන දත් මැදීමට පෙර හෝ රාත්‍රියේ නින්දට යාමට පෙර කිරීම වඩාත් සුදුසුයි.
මේ සඳහා කෑමට සුදුසු පිරිසිදු පොල් තෙල් භාවිතා කරන්න. මීට අමතරව ඔයාලට මේ සඳහා තල තෙල්, සූරියකාන්ත තෙල් භාවිතා කරන්නත් පුළුවන්.
මෙහිදි තෙල් sink එකට කෙල ගෙසීමෙන් වලකින්න. මොකද එය ජලප්‍රවාහය අවහිර කරන්න පුළුවන්.
ඔයාලත් Oil Pulling try කරලා ඔයාලගේ අත්දැකීම comment එකක් දාලා අපිට කියන්න.
අද ලිපියෙන් ඔබේ ජීවිතයට යමක් එක් වුනාද? මේ ලිපිය ප්‍රයෝජනවත් වන ඔයාගෙ යාළුවන්ට දකින්න share කරලා අපේ මේ සුවබර ස්වාභාවික දිවියක් ප්‍රචලිත කිරීමේ අපේ වෑයමට SUPPORT එකක් දෙන්න.

Post a Comment