අද කාලේ රෑට කාලා බීලා ඇඳට ගියාම අපි හැමෝම වගේ කරන දේ මොකක්ද? අන්තිමට නින්ද යන්න කලින් පැයක් විතර ෆේස්බුක්, ටික්ටොක් වල රවුමක් ගහනවා. ඊට පස්සේ කරන්නේ ඒ ෆෝන් එක එහෙම්මම කොට්ටේ යටින් හරි, ඔළුව ගාවින්ම හරි තියාගෙන නිදාගන්න එක. විශේෂයෙන්ම තරුණ අයගේ මේක දැන් සාමාන්‍ය පුරුද්දක් වෙලා.
"ඉතින් මොකක්ද ප්‍රශ්නේ? මම ෆෝන් එක ලොක් කරලානේ තියෙන්නේ" කියලා ඔබ හිතනවා ඇති. ඒත් මේ පුරුද්දේ තියෙන භයානකකම ඔබ දන්නේ නෑ. මොකද ඔබ නිදාගත්තට, ඔබේ ෆෝන් එක නිදි නෑ!
මෙන්න මේ දේවල් ටික අනිවාර්යයෙන්ම දැනගන්න:
මොළයට එල්ල වන රේඩියේෂන් (Radiation) ප්‍රහාරය: ෆෝන් එකක් වැඩ කරන්නේ රේඩියෝ තරංග (RF Energy) හරහා. ඔබ ෆෝන් එක කොට්ටේ යට තියාගෙන නිදාගන්නවා කියන්නේ, මුළු රෑම මේ තරංග ඔබේ මොළයට අඟල් ගණනක් ළඟින් එල්ල වෙන්න ඉඩ දෙනවා කියන එකයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ ගැන අනතුරු අඟවලා තියෙනවා. දිගුකාලීනව මෙහෙම වුණාම මොළයේ සෛල වලටයි, ස්නායු පද්ධතියටයි ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒක නිකන් හරියට හිමීට මොළය "බැදෙනවා" වගේ වැඩක්.
ගිනි ගැනීමේ අවදානම: ෆෝන් එකක් කොට්ටයක් යට තියද්දී ඒකෙන් පිටවෙන රස්නයට යන්න තැනක් නැති වෙනවා. එතකොට ෆෝන් එක ඕනවට වඩා රත් වෙනවා. බැරිවෙලාවත් ඔබ ෆෝන් එක චාජ් එකට ගහලා කොට්ටේ යට තිබ්බොත්, ඒක පුපුරන්න හරි, කොට්ටේ ගිනි ගන්න හරි ලොකු ඉඩක් තියෙනවා. මේ වගේ අනතුරු ඕනෑතරම් වෙලා තියෙනවා.
හරි හැටි නින්දක් නොලැබීම: ෆෝන් එක ඔළුව ගාවම තියෙද්දී එන එක නෝටිෆිකේෂන් සද්දෙකින් හරි, වයිබ්‍රේෂන් එකකින් හරි ඔබේ ගැඹුරු නින්දට බාධා වෙනවා. ඒ නිසයි උදේට ඇහැරෙද්දී ඇඟට ලොකු මහන්සියක් දැනෙන්නේ.
එහෙනම් අපි මොකක්ද කරන්න ඕනේ? විසඳුම හරිම සරලයි!
1. අද රෑ ඉඳන් ෆෝන් එක ඇඳේ තියාගන්නේ නැතුව, අඩි කිහිපයක් ඈතින් තියෙන මේසයක් උඩින් තියලා නිදාගන්න.
2. අත්‍යවශ්‍යම ඇමතුමක් එන්න තියෙනවා නම් මිසක්, නිදාගන්න යද්දී Data හෝ WiFi ඕෆ් කරන්න. නැත්නම් Airplane Mode දාන්න.
3. මේ නරක පුරුද්ද තියෙන ඔබේ යාළුවන්ට, දරුවන්ට මේ ගැන කියලා දෙන්න. ඔවුන්ගේ සෞඛ්‍යය ගැන හිතලා මේ පණිවිඩය අනිවාර්යයෙන්ම ඔවුන් එක්ක බෙදාගන්න (Share කරන්න).
ඔබත් අද ඉඳන්ම මේ වෙනස කරලා බලනවා නේද?
source - weda mahatha page

Post a Comment