අහිංසක මවක් තමන්ගේම නිවස තුළ හුදෙකලාව ඉද්දී, කිසිම හදවතක් නැති පිරිසක් විසින් ඇයව අමු අමුවේ ඝාතනය කළ පුවතක් පල්ලේකැලේ, මහවත්ත ප්රදේශයෙන් වාර්තා වෙනවා.
87 හැවිරිදි ශ්රියාලතා කුලකුලසූරිය නමැති මෙම තිදරු මව මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉතාම අමානුෂික ලෙස අත්පා ගැටගසා දමා තිබියදීයි.
ශ්රියාලතා මහත්මිය පදිංචිව සිටි නිවසට තරමක් නුදුරින් ඇගේ පුතෙකු පදිංචිව සිටින අතර, ඊයේ (28) පස්වරු 3.00ට පමණ ඇගේ ලේලිය නිවසට පැමිණ තිබෙනවා. එහිදී ඇය දැක ඇත්තේ මුළු රටම කම්පා කරන දසුනකි. තමන්ගේ නැන්දම්මා අත්පා ගැටගසා තිබූ අයුරින්ම ඝාතනය කර නිවස තුළ දමා ගොස් තිබී ඇත.
පොලිසිය සැක කරන්නේ කිසියම් සොරකමක් සඳහා නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවයි. ඇගේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුම විදේශගතව සිටින නිසා ඇය කාලයක් තිස්සේ මේ නිවසේ හුදෙකලාව විසූ බවයි වාර්තා වෙන්නේ.
මෙම අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, බලගොල්ල පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Post a Comment