මේ තවත් ප්‍රශ්නාර්ථයක් ඉතුරු කළ මරණයක්..
තරුණ ඇයගේ ජීවිතය මේ වගේ අකාලයේ මිලින වන්නට හේතු වුණේ කුමක්ද..?
ඇසූවන්ගේ ඇස් පවා මවිත කරන සුන්දර යුවතියකගේ මරණය ගැන ඇසෙන ඒ ඛේදනීය කතාවයි මේ..
දතක් ගැලවීමෙන් පසුව ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ 20 හැවිරිදි තරුණියක් ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය දිනක රාත්‍රියේ මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩාරහේන, පොකුණුවිට ලිපිනයේ පදිංචි කෝට්ටගේ දෙව්මි මදුෂිකා නමැති තරුණියක්.
මෙම තරුණියගේ උඩු ඇන්දේ කෙළවර පිහිටි දතක වේදනාවක් ඇතිවීම නිසා පෞද්ගලික වෛද්‍ය ආයතනයකට ගොස් ඇත්තේ ඉකුත් 14වැනිදා බවට වාර්තා වෙනවා.
එදින ඇගේ එම දත ගලවා ගෙන පැමිණ ඇති අතර ඉන් පසු ඇයට දිගටම වමනය සහ උදරාබාධය ඇතිවීම හේතුවෙන් ඉකුත් 15වැනිදා නැවතත් පෞද්ගලිකව ප්‍රතිකාර ලබාගැනීමට ගොස් තිබුණා.
එම අවස්ථාවේ ඇයට රුධිර පීඩනය අඩු බව පවසා ඇයව රෝහල් ගත කරන ලෙස නිර්දේශ කර ඇති අතර,
ඒ අනුව ඇය හොරණ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණා. එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සඳකැන් වඩුගේ විසින් සිදුකළා.
එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා අනුව මෙම මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබාදෙමින් වැඩිදුර විමර්ශන සඳහා යොමු කරන ලෙස හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන විසින් දැනුම් දී තිබුණා.

Post a Comment