නීතියකට විරෝධය පළකිරීම සඳහා මාඕරි හකා නර්තයෝජිතනයක් නවසීලන්ත පාර්ලිමේන්තුවේ දී සිදුකළ එරට මාඕරි මන්ත්රීවරුන් තිදෙනෙකුට පාර්ලිමේන්තු තහනමක් පනවා තිබේ.
ඒ අනුව ඉකුත් වසරේ නොවැම්බර් මස අදාළ විරෝධතා හකා නර්තනය සිදුකළ විපක්ෂ මන්ත්රිනියක වන හනා-රවුති මයිපි-ක්ලාක්ට දින 7ක තහනමක් පනවා ඇත.
එමෙන්ම ඇගේ දේශපාලන පක්ෂය වන ටෙ-පැටි-මාඕරිහි නායකයින් වන ඩෙබී නගරේවා-පැකර් සහ රවිරි වයිටිටි දෙදෙනාට දින 21 බැගින්ද තහනමක් පනවා තිබේ.
නවසීලන්ත පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් එරට මන්ත්රීවරයෙකුට දින තුනකට වැඩි තහනමක් පැනවූ පළමු අවස්ථාව මෙය ලෙස සැකකෙයි.
යෝජිත නීතිය මගින් තම ස්වදේශික අයිතිවාසිකම් ආපසු හරවන බව පවසමින් හනා-රවුති මයිපි-ක්ලාක්ට ඉකුත් නොවැම්බර් මාසයේදී අදාළ විරෝධතා හකා නර්ථනය සහිතව ගායනය කළාය.
පසුය එය ලොව පුරා දැඩි අවධානයකට තුඩුදුන් හේතුවක් විය. එම යෝජිත නීතියෙන් ඔවුන් පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් මෙම දඬුවම නියම කර ඇත්තේ ඇගේ හකා ඉදිරිපත්කිරීමට නොව, පාර්ලිමේන්තු සභා ගර්භයේ තම විරුද්ධවාදීන් දෙසට එය කරන අතරතුර ඇවිදීම හේතුවන් බව සඳහන්.
අදාළ තහනම පැනවූ නීති කමිටු සභාපතිනිවරයා පවසා ඇත්තේ, එම හැසිරීම ඉතා දරුණු, කඩාකප්පල්කාරී සහ බිය ගැන්වීමේ හැකියාවක් ඇති බවයි.
එහෙතේ 22 හැවිරිදි මයිපි-ක්ලාක් එම චෝදනාව ප්රතික්ෂේප කර ඇති අතර, ඇය පවසා ඇත්තේ තමන් විරුද්ධවාදීන් වෙත ළඟා වූ වෙනත් අවස්ථා උපුටා දක්වමිනි මෙම තහනම පනවා ඇති බවය.
තමන් මාඕරි ජාතිකයන් නිසා අනෙක් අයට වඩා දරුණු ලෙස සලකන බවද ඇය වැඩදුරටත් පවසා තිබේ.

Post a Comment